මත භේදාත්මක විමර්ශන රැසක් මෙහෙයවූ නිශාන්ත සිල්වා හොර රහසේ රටින් පනී

(කොළඹ, ලංකාපුවත්) –මත භේදාත්මක විමර්ශන රැසක් මෙහෙයවූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා රහසේ විදෙස් ගතවී තිබේ.

මෙලෙස විදෙස්ගත වී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව බව වාර්තාවේ.

සිය පවුලේ සාමාජිකයන් සමඟ ඊයේ (24) දහවල් 12.50ට පමණ ස්විස් ගුවන් සේවයට අයත් ඩබ්ලිව්. කේ. 65 දරණ ගුවන් යානයෙන් ඔහු මෙලෙස විදෙස් ගතවී ඇති බව වාර්තාවේ.

පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා යටතේ වසර කිහිපයක්ම සේවය කළේය.

තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීම, ලසන්ත වික්‍රමතුංග, සේයා සදෙව්මි සහ යාපනයේ විද්‍යා දැරිය ඝාතන, වැලිකඩ සිරකරුවන් ඝාතනය, ඩී.ඒ. රාජපක්‍ෂ කෞතුකාගාරය ඇතුළු මතභේදාත්මක නඩු රැසක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඇත්තේ නිශාන්ත සිල්වා මහතායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *