(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් නව ආණ්ඩුව යටතේ ආරක්ෂක කවුන්සිලයේ පළමු රැස්වීම අද (26)පැවැත්වීමට නියමිතව ඇත.
අග්රාමාත්යවරයා, ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්රධානී, ති්රවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පතිවරයා සහ රාජ්ය බුද්ධි අංශයේ ප්රධානියා ද අදාළ තවත් නිලධාරීන් ද ඊට සහභාගී වීමට නියමිතයි.
මීට පෙර අවසන්වරට ආරක්ෂක කවුන්සිලය රැස්වී ඇත්තේ ඉකුත් ඔක්තෝම්බර් මස 31 වැනි දිනය.