ප්‍රධාන ධීවර වරාය හතරක සංවර්ධනයට ප්‍රංශ සහාය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධීවර වරාය හතරක සංවර්ධන කටයුතු පිළිබඳව ප්‍රංශ රජයේ සහය ලබා ගැනීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධණ ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡා ධීවර ඇමැතිවරයා සහ ප්‍රංශ රජයේ සංවර්ධනය පිළිබඳ බැංකු නියෝජිතයින් ( AFD ආයතනය)අතර පසුගියදා පැවැත්වූ අතර එම ආයතනයේ අධ්‍යක්ෂ මාටින් පේරන්ට් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ඒ අනුව ශ්‍රීලංකාවේ ප්‍රධාන ධීවර වරාය 4ක් වන බේරුවල, ගාල්ල, පුරාණවැල්ල හා කුඩාවැල්ල යන ධීවර වරායන් හතර සංවර්ධනය කිරීමට නියමිතය. මේ සඳහා මෙම ආයතනය විසින් ප්‍රංශ යූරෝ මිලියන 100 සිට 140 ක මුදලක් යෙදවීමට අපේක්ෂා කරයි.

මෙම වරාය සංවර්ධනය කිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනය අවසන් කර ඇති අතර ඒ පිළිබඳ අවසාන වැඩමුළුව දෙසැම්බර් පළමුවැනිදා සහ දෙවැනිදා ගාල්ලේ දී පැවැත්වීමට නියමිතව ඇත. මෙම වරායන් 4 සංවර්ධනය කිරීමෙන් පසු මේවායෙන් ප්‍රයෝජන ගන්නා ශ්‍රී ලංකාවේ දකුණේ ධීවරයන්ට පහසුකම් රැසක් සැපයෙනු ඇත.

මෙය ශ්‍රී ලංකා රජයේ විශේෂ ඉල්ලීමක් මත ප්‍රංශ රජයෙන් ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු සංවර්ධනය කිරීම සඳහා ලැබෙන විශේෂ ආධාරයක් වන අතර මෙම සාකච්ඡාව සඳහා ඉහත ආයතනයේ අධ්‍යක්ෂ මාටින් පේරන්ට් හා එම ආයතනයේජ්‍යෙෂ්ඨව්‍යාපෘති නිලධාරී සිල්වේන් රූසෝ සහ ව්‍යාපෘති නිලධාරී පංචාලි ඇල්ලේපොල, අමාත්‍යංශයේ සංවර්ධන අතිරේක ලේකම් අප්සරා නිශ්ශංක, අමාත්‍යං ශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ( තාක්ෂණ ) මොන්ටි රණතුංගත්, ධීවර අමාත්‍යංශ  උප‍දේශක ,මහාචාර්ය නවරත්න රාජා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගීවූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *