රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ පත්වීම් අනුමතයට සිවු පුද්ගල කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) –සංස්ථා, මණ්ඩල සහ සෙසු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ පත්වීම් අනුමත කිරීම සඳහා සිවු පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

හිටපු ජනාධිපති ලේකම්වරයකු වන ලලිත් වීරතුංග, ආචාර්ය නාලක ගොඩහේවා, ප්‍රකට ව්‍යවසායකයකු වන සුසන්ත රත්නායක සහ ප්‍රකට පරිපාලකයකු වන ඩයන් ගෝමස් මහත්වරුන් සිවු පුද්ගල කමිටුවේ සාමාජිකයෝ වෙති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම කමිටුව පත් කර ඇති අතර සංස්ථා, මණ්ඩල සහ සෙසු රාජ්‍ය ආයතනවල යම් පුද්ගලයකු පත් කරන්නේ නම් ඊට පෙර මෙම කමිටුවට ඉදිරිපත් කර සුදුසුකම් තහවුරු ගත යුතු වේ.

සංස්ථා මණ්ඩල සහ සෙසු රාජ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයෙන් මුදවා කාර්යක්ෂම ආයතන ලෙස ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම තීරණයට එළෙඹි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව කැබිනට් මණ්ඩලය ඉකුත් දා දිවුරුම් දීමෙන් පසු එම ඇමැතිවරුන් අමතමින් කියා සිටියේය.

ඒ සඳහා නිපුණතා සහිත සුදුසු තැනැත්තන් ආයතන ප්‍රධානීන් ලෙස පත් කළ යුතු බව ද, අදාළ පත්කිරීම් විද්වත් කමිටුවක් හරහා සිදුකරන බව ද ජනාධිපතිවරයා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *