මුම්බායිවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී වසර 11යි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ වාණිජ අගනගරය වූ මුම්බායි නගරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී වසර 11ක් සපිරීම ඊයේ (26) අනුස්මරණය කෙරිණි. ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සිහි ගන්වමින් ප්‍රකාශ කර සිටියේ ඉන්දීය රජය සියලු ආකාරයේ ත්‍රස්තවාදය පරාජය කිරීමට කැපවී සිටින බවයි.

මීට වසර 11ට පෙර එනම් 2008 වසරේ නොවැම්බර් 26 වැනිදා මුම්බායි ටාජ් මහල් හෝටලය ඇතුළු මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 166 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

මේ ප්‍රහාරයේදී අනාවරණය වූයේ ලෂ්කාර්හි ටයිබා ත්‍රස්තවාදීන් 10ක් පාකිස්තානයේ සිට මුහුදු මාර්ගයෙන් මුම්බායි නුවරට පැමිණ මේ ප්‍රහාරය ක්‍රියාත්මක කොට ඇත. ඒ ප්‍රහාරකයන් අතරින් 09 දෙනෙකු ප්‍රහාරයේදී ජීවිතක්ෂයට පත්වූ අතර දිවි ගලවා ගත් මොහොමඩ් අජ්මාල් කසාති තැනැත්තාට ඉන්දියාව මගින් 2012 වසරේදී මරණ දඬුවම නියම විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *