සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) –අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 2 වන දින ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විභාග මධ්‍යස්ථාන 4,987 කදී පැවැත්වෙන එම විභාගය දෙසැම්බර් මස 12 වන දින තෙක් පැවැත් වෙනු ඇත.

එම විභාගයට පෙනී සිටින පෞද්ගලික අයඳුම්කරුවෙන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපැල් කර යවා තිබේ.

එම ප්‍රවේශ පත්‍ර නොලැබුණු අයඳුම්කරුවන් ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවිය වන www.doenets.lk හි මුල් පිටුවේ සඳහා ප්‍රවේශ පත්‍ර අයිකනය(Icon) තෝරා ඒ යටතේ නිවැරදි ජාතික හැඳුම්පත් අංකය භාවිත කිරීමෙන් ලබා ගත හැකි බව විභගා කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා නිවේදනය කරයි.

එසේ නොමැති නම් පහත දුරකථන අංක මඟින් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව අමතා ප්‍රවේශ පත්‍රය ෆැක්ස් මඟින් ගෙන්වා ගත හැකියි.

දුරකථන අංක – 011 278 42 08 / 011 278 45 37/ 011 318 83 50 / 011 314 03 14

ෆැක්ස් අංකය – 011 278 44 22

Leave a Reply

Your email address will not be published. Required fields are marked *