(කොළඹ, ලංකාපුවත්) –පෘථිවියේ ඉහළ ගුණාත්මක ඡායාරූප ලබාගත හැකි චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. එය නම්කර තිබෙන්නේ කාර්ටොස්ට් ත්‍රී ලෙසයි.
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ශ්‍රී හරිකොට්ටාහි පිහිටි සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය මගින් ඊයේ චන්ද්‍රිකාව දියත් කර ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. එරට නිෂ්පාදිත P.S.L.V-C47 යන රොකට්ටුව මගින් මෙම දියත් කිරීම සිදුකර ඇත.
ඊට අමතරව මෙම යානය මගින් තවත් නැනෝ චන්ද්‍රිකා 13ක්ද මේ සමග කක්ෂගත කෙරුණු බව, එම ඒජන්සිය පවසයි. මෙම චන්ද්‍රිකා පෘථිවි නිරික්ෂණ සහ සන්නිවේදන කටයුතු සිදුකරන අමෙරිකානු සමාගමකට අයත් ඒවා බව සඳහන් වේ.