උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථාතත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය.

අද (29) උදෑසන සාමාන්‍ය කාල සටහනට අනුව දුම්රිය ධාවනය සිදුකෙරෙන බව පාලක මැදිරිය සඳහන් කළේය.

යාල් දේවී දුම්රිය ගල්ගමුව සහ අඹන්පොළ අතරතුරදී පසුගියදා පීලිපැනීමට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතු අඩාල විය.

අද උදෑසන කොළඹ සිට දුම්රිය පිටත්වන අතර අදාළ ප්‍රදේශයට දුම්රිය ළඟාවනවිට නඩත්තු කටයුතු අවසන් කළ හැකි වන බව දැනුම් දී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *