ආපදාවෙන් විපතට පත්වූවන්ට කඩිනම් සහන සලසන්නැයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ආපදාවෙන් විපතට පත්වූවන්ට කඩිනම් සහන සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රාජ්‍ය නිලධාරීන් උපදෙස් ලබාදෙයි.

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ ආරක්ෂාව සහ සුභ සාධනය තහවුරු කිරීම සම්බන්ධයෙන් ගතයුතු සියලු කි‍්‍රයාමාර්ග නොපමාව ගන්නා ලෙසයි ජනාධිපතිතුමා දැනුම්දී තිබේ.

නායයාම්, පස් කඳු කඩාවැටීම් සහ ගල් පෙරළීම් වැනි අවදානම් තත්වයන්ට මුහුණදීම සඳහා අදාළ අංශ සමඟ සම්බන්ධව ක්ෂණික පියවර ගැනීමට මේ වනවිටත් චක‍්‍රලේඛ මඟින් දැනුම්දී ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. සියලු කටයුතු සම්බන්ධීකරණය හා සමාලෝචනය අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකිරීමට ද කටයුතු සලසා ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *