වසරේ එක්දින පිතිකරු සම්මානය කුසල් ජනිත් ට

(කොළඹ, ලංකාපුවත්) – 2018 වසරේ එක්දින පිතිකරු සම්මානය දිනා ගැනීමට කුසල් ජනිත් සමත්විය. ටෙස්ට් පිතිකරු සම්මානය හිමිකර ගනු ලැබුවේ දිමුත් කරුණාරත්නයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ක්‍රිකට් සම්මාන රාති‍්‍රය ඊයේ (03) පැවැත්වුනේ කොළඹදීය.

මෙරට ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා ඇගැයීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්ෂිකව මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධාන කරනු ලැබේ.

එහිදී කාන්තා අංශයෙන් සම්මාන 4 ක් දිනා ගත් චමරි අතපත්තු වසරේ කි‍්‍රකට් කී‍්‍රඩිකාව, වසරේ දක්ෂතම එක්දින පිතිකාරිණිය, වසරේ දක්ෂතම එක්දින තුන් ඉරියව් කී‍්‍රඩිකාව සහ වසරේ දක්ෂතම 20 යි 20 පිතිකාරිණියන යන සම්මානවලින් පිදුම් ලැබුවාය.

ලසිත් මාලිංග එක්දින සහ විස්සයි 20 තරග අංශයන්හි දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මානයෙන්ද තිසර පෙරේරා දක්ෂතම තුන් ඉරියව් එක්දින කී‍්‍රඩකයා සහ දක්ෂතම විස්සයි-20 පිතිකරු යන සම්මානවලින් ද පිදුම් ලැබුවේය.

මෙම සම්මාන උළලේදී වසරේ ටෙස්ට් පිතිකරුට හිමි සම්මානය දිමුත් කරුණාරත්න විසින් දිනා ගත්අතර දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා සහ තුන් ඉරියව් කී‍්‍රඩකයාට හිමි සම්මාන පිළිවෙළින් හිමි කර ගත්තේ දිල්රුවන් පෙරේරා සහ ධනංජය ද සිල්වායි.

එක්දින තරග අංශයේ දක්ෂතම පිතිකරුවා ලෙස කුසල් ජනිත් පෙරේරා ද විස්සයි 20 තරග අංශයේ දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා ලෙස ඉසුරු උදාන ද සම්මාන දිනා ගත්තේය.

නැගී එන කී‍්‍රඩකයාට හිමි සම්මානය පැතුම් නිස්සංක දිනා ගත් අතර එම සම්මානය ලබා ගැනීම සඳහා ඔහුට වේදිකාවට පැමිණීමට අවකාශ හිමි නොවූයේ ඔහු මේ වන විට නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියට එක්ව සිටීම හේතුවෙනි.

වසරේ ජාත්‍යන්තර විනිසුරුවරයා ලෙස සම්මාන හිමි කරගනු ලැබුවේ කුමාර් ධර්මසේනයි.

සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *