ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයෙන් පහ කිරීමට දෝෂාභියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) – ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා දෝෂාභියෝගයක් ගෙන ඒමට ප්‍රබල සාක්ෂි රැසක් පවතින බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව සදහන් කර ඇත.

මේ හේතුවෙන් දෝෂාභියෝගය කඩිනමින් ගෙන ඒමට කටයුතු කරන බව ඒ වෙනුවෙන් පත්කළ ඩිමොක්‍රටික් පක්ෂ කමිටුව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වනවිටත් ඒ සඳහා වාර්තාව සැළසුම්කර ඇති බවද ඔවුන් පවසා ඇත.

මීට පෙරද ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කළේය. මෙය ද ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණය ඉලක්ක කර ගනිමින් සිදුවන මඩ ප්‍රචාරයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියි.

මේ අතර දෝෂාභියෝග සිද්ධිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ස්ටෙෆනි ග්‍රිෂාම් කියා සිටියේ ඩිමොක්‍රටිකයින් ට්‍රම්ප් ජනාධිපතිවරයාට එරෙහි වැරදි පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට මුළුමනින්ම අසමත් වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *