කැනඩාවෙන් ශ්‍රී ලංකාවට සහයෝගය

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් David Mckinnon මහතා හා අධිකරණ මානව හිමිකම් නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර හමුවක් පසුගියදා (03) අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් රජය මගින් නීතියේ ආධිපත්‍යය සුරකීම සදහාත් මානව හිමිකම් ආරක්ෂා කිරීම සදහාත් ඉදිරියේදී දියත් කිරීමට බලාපොරොත්තු වන කටයුතු පිළිබදව තානාපතිවරයා දැනුවත් කළ අතර බන්ධනාගාර රැදවියන්ගේ සුභ සාධනය හා බන්ධනාගාර තුළ යටිතල පහසුකම් වර්ධනය කිරීම කෙරෛහි ප්‍රමුඛතාවයන් යොදවන බවත් නඩු ප්‍රමාද වීම වැළැක්වීම සදහා අවශ්‍ය කටයුතු ඉටු කර දීම තමා වෙත පැවරී ඇති අභියෝගයක් බවත් එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

නව අමාත්‍යවරයා වෙත සුභ පැතුම් එක් කළ තානාපතිවරයා අධිකරණ අමාත්‍යවරයා කරනු ලබන සේවාව ඉටු කිරීමට සිය රටෙන් ලැබිය යුතු යම් සහායක් ඇත් නම් එය ලබාදීමට සුදානම් බවත් ප්‍රකාශ කළේය.
අධිකරණ අමාත්‍යවරයා වශයෙන් තමාට අභියෝග රාශියකට මුහුණ දීමට සිදු වී ඇති බවත් යුක්තිය පසිදලීමේ දි ඇති වන නඩු ප්‍රමාදය නිසා ජනතාව මහත් අපහසු තාවයකට පත්ව ඇති බවත් එබැවින් නඩු කටයුතු කඩිනම් කිරීමත් අත්‍යවශ්‍ය බවත් දැනටමත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම තත්වයකට පත් කිරීමට තමා පියවර ගෙන ඇති බවත් ප්‍රකාශ කළේය.

එසේම අධිකරණ කටයුතු සදහා අවශ්‍ය මුලික යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම හා බන්ධනාගාර ගත වුවන්ගේ සුභ සාධනය හා ඔවුන්ට වඩා හොද වටපිටාවක් තුළ සිය කාලය ගත කිරීමට සලසා දීම ශිෂ්ඨ සම්පන්න සමාජයක වගකීමක් බව ද ප්‍රකාශ කරන ලදී.

ඒ නිසාම බන්ධනාගාර තුළ වඩා හොද යටිතල පහසුකම් සලසා දීම හා උසාවිවල නීතිය නඩු කටයුතු ප්‍රමාද වීම වැළැක්වීම සදහා අවශ්‍ය පියවර ගැනීමට තමා කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙකී ක්ෂේත්‍රයන් සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීම සදහා කැනඩාව කැපවන බවත් මහ කොමසාරිස්වරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *