අධි චෝදනා 19කට වරදකරුවූ ගණකාධිකාරීවරයෙක්ට වසර 367ක සිරදඬුවමක්

(කොළඹ, ලංකාපුවත්) –රුපියල් විසි එක් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීම ඇතුලු අධි චෝදනා 19 කට වරදකරුවූ ගණකාධිකාරීවරයෙකුට වසර 367 ක සිරදඬුවමක් නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතායි නියෝගය නිකුත් කළේය. බරපතල වැඩ සහිත සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 19 ක දඩයක් ද පනවා ඇත. ගණකාධිකාරීවරයා සේවය කළ ආයතනයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් මුදල් වංචාව සිදුකර ඇති බවට ඔහුට චෝදනා එල්ලවිය.

2000 වසරේ ජනවාරී මාසයේ සිට 2001 වසරේ ජනවාරී මාසය දක්වා කාලය තුළ එම වංචාව සිදුකර ඇති බව ද අධිකරණයේදී අනාවරණය විය. කී‍්‍රඩා භාණ්ඩ අළෙවි කරන පෞද්ගලික ආයතනයක ඔහු සේවය කර ඇත.

සමාජයට ආදර්ශයක් වන පරිදි විත්තිකරුට එරෙහි දඬුවම පනවන බව වසර 367 ක සිරදඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *