සුළු අපනයන බෝග ප්‍රතිඅපනයනය කිරීම තහනම්

(කොළඹ, ලංකාපුවත්) – ගම්මිරිස්,කරුංකා, සියඹලා, කුරුඳු, සාදික්කා, වසාවාසි,කරදමුංගු, ඉඟුරු, කහ සහ කරාබුනැටි ප්‍රතිඅපනයනය කිරීමට ආනයනය කිරීම ඊයේ (05) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් කර ඇත.

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන ඇමැතිවරයාගේ නියෝගය පරිදි අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් මගින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට භාණ්ඩ කිහිපයක ආනයනය නියාමනය කෙරෙන බව ඒම අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි

සුළු අපනයන බෝග වගාකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම හා දිරිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත. මුදල් පනතේ වාණිජ්‍ය කේන්ද්‍රස්ථාන නියෝග අනුව නිකුත් කර ඇති එම ගැසට් නිවේදනය මගින් සෘජු ප්‍රති අපනයනය හා සුළු සැකසුම් කිරීමෙන් අනතුරුව ප්‍රති අපනයන කිරීමේ අරමුණින් සිදුකෙරෙන කළුබඩු ආනයනය තහනම්වේ. දිස්ත්‍රික්ක 09ක පමණ කෘෂි නිෂ්පාදන වගාකරන ගොවීන්ට මින් ප්‍රතිලාභ හිමිවනු ඇත.

ආනයන අපනයන පාලන පනතේ රෙගුලාසි ප්‍රකාරව නිකුත් කර ඇති දෙවන ගැසට් නිවේදනයේ මගින් දේශීය වශයෙන් ගුණාත්මක බවින් ඉහල හා තරඟකාරි ගෘහ කර්මාන්තවන වෙසක් කූඩු, සරුංගල් හා හඳුන්කූරු ආනයනය නියාමනය කිරිමට පියවර ගෙන ඇත. තවද කසළ පිරිසැකසුම් මෙන්ම ප්‍රතිචක්‍රීයකරණයට අදාල කිසිදු ව්‍යාපෘතියක් සඳහාද අවසර නොලැබෙනු ඇත. එමගින් දේශීය ගුණාත්මක තත්ත්වයනේ ඉහල අමුද්‍රව්‍ය සමග තත්ත්වයෙන් පහළ ආනයනික අමුද්‍රව්‍ය කලවම් කර ප්‍රති අපනයන කිරීම වැළකෙනු ඇත.

ප්‍රමිතියෙන් තොරව සිදුකෙරෙන ප්‍රතිඅපනයන හේතුවෙන් අපනයන සන්නාමය වශයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති කීර්තිනාමයට සිදුවන හානිය වළක්වා ගැනීමද මෙම පියවර ගැනීමේ ප්‍රමුඛ අරමුණකී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *