ගිනි කඳු පිපිරීමකින් 05ක් මරුට – 08ක් අතුරුදන් – 34කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) –නවසීලන්තයේ ගිනි කඳු පිපිරීමකින් පුද්ගලයින් 5 දෙනෙක් මියගොස් තිබේ. තවත් 8 දෙනෙක් අතුරුදන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ගිනිකඳු පිපිරීම සිදුවන අවස්ථාවේ සංචාරකයින් විශාල ප්‍රමාණයක් එය නැරඹීමට ගොස් සිටි ඇති අතර, ඉන් 34 දෙනෙක් දිවි බේරා ගැනීමට සමත්ව තිබේ. එම පුද්ගලයින්ගෙන් 31 දෙනෙක් තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සදහන් වේ.

සක්‍රීය ගිනි කන්දක් වන නවසීලන්තයේ පුද්ගලික හිමිකාරිත්වයක් පවතින මෙම ගිනි කන්ද නැරඹීමට විශාල වශයෙන් සංචාරකයින් පැමිණේ. ඔවුන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණත්, එම තත්වය නොසලකා නිරන්තරයෙන් එය නැරඹීමට යාම හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව බලධාරීන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *