අතුරුදන්වූ චිලී ගුවන් හමුදා යානයේ සුන්බුන් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය සඳුදා 38දෙනෙකු සමඟ අතුරුදන්වූ චිලී ගුවන් හමුදා යානයේ සුන්බුන් සොයා ගෙන ඇත. සුන්බුන් ඩ්‍රේක් පැසේජ් නමින් හඳුන්වන මුහුදු කලාපයේ තිබී සොයා ගත් බව බලධාරීන් පවසයි.

යානය අනතුරට පත්වන අවස්ථාවේ දී චිලී රාජ්‍යෙය් සිට ඇන්ටාක්ටිකාව වෙත පියාසර කරමින් සිට තිබේ. හර්කියුලිස් සී – 130 වර්ගයේ මෙය භාණ්ඩ ප්‍රවාහන යානයකි. යානය අවසන්වරට සම්බන්ධ වූ ස්ථානයේ සිට කිලෝමීටර් 30ක් පමණ දුරින් සුන්බුන් සොයා ගත් බව ගුවන් හමුදාව පවසා තිබේ.

අදාළ කොටස් යානයට අයත්දැයි සොයා බැලීම සිදු කෙරේ. එසේම මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

දිවි ගලවාගත් අය සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *