ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා වැඩි කිරීමට යයි

(කොළඹ, ලංකාපුවත්) –සෑම ප්‍රාදේශය ලේකම් කොට්ඨාශකම පහසුකම් වලින් අංග සම්පූර්ණ පාසල් 03 බැගින් සංවර්ධනය කර එම පාසල් ජාතික පාසල් ලෙස උසස් කිරිම තුළින් දිවයිනේ ජාතික පාසල් 1000ක් දක්වා වැඩි කිරීමට අධ්‍යපන අමාත්‍යාංශය මඟින් සැලසුම් කොට ඇති වැඩසටහනක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

මේ බව අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා දැනුම් දුන්නේ ය.

එසේම සෑම දිස්ත්‍රික්කයකටම ත්‍රෛයිභාෂික ඉගැනුම් අවස්ථා සහිත සියලු පහසුකම්වලින් සමන්විත ජාතික පාසල බැඟින් ආරම්භ කිරීමටත් ඉදිරි වසර දෙකක කාලසීමාව තුළදී එවැනි පාසල් 20ක් ආරම්භ කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පැවැසිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා, දැනට මේ රටේ පාසල් 10175 ක් තිබෙන නමුත්, ජාතික පාසල් තිබෙන්නේ 374 ක් බව ද කිය.එමෙන් ම දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කොට්ධාස 330න් 124 කටම ජාතික පාසල් නොමැති බවද ඒ මහතා තවදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *