දිවයින පුරා ඇති සුරාසැල් විශේෂ අධීක්ෂණයකට

(කොළඹ, ලංකාපුවත්) – උත්සව සමය නිමිති කරගෙන දිවයින පුරා ස්ථාපිත සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් විකිණිමේ ස්ථාන හා මත්පැන් සැපයීම් දාමය විශේෂ අධීක්ෂණයකට ලක් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ යටතේ සුරා අපරාධ , මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ ග්‍රහණය කිරීමට අවශ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත නියෝග කර තිබේ.

ඒ අනුව ඒ ඒ සුරාබදු ස්ථානවලට අනුයුක්ත සුරාබදු නිළධාරින් 900 ක සංඛ්‍යාවක් එම විශේෂ මෙහෙයුම් සදහා යොදවන අතර එම මෙහෙයුම් අධීක්ෂණය කිරිමේ වගකීම පැවරෙන්නේ දිස්ත්‍රික් භාර සුරාබදු අධිකාරිවරුන්ට හා පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන්ටයි.

ඊයේ දිනයෙන් ආරම්භ වූ මෙම වැඩසටහන ලබන වසරේ ජනවාරි 05 වනදා තෙක් බලාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *