අන්තර්ජාලයේ වැඩිම අවධානය ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – ලොව පුරා ජනතාව වැඩිම පිරිසක් 2019 වසරේදි අන්තර්ජාලය තුළ සෙවීමේ ප්‍රසිද්ධ හා ප්‍රධානතම මෙවලමක් වන ගූගල් සෙවීමේ මෙවලම තුළ සොයා ඇත්තේ where is Sri Lanka ( ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ කොහේද) යන්න බවත් , අන්තර්ජාලය තුළ සෝදිසි කළ සෙව්ම් ප්‍රවණතා වැඩිම වසරේ වචනය ‘ශ්‍රී ලංකාව’ බව ඇමරිකා එක්සත් ජනපදය කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

‘Published of Google Trends‘ නමැති මෙම සමීක්ෂණයට අනුව පසුගිය අප්‍රේල් මාසයේ දී ලොව බොහෝ දෙනකු ශ්‍රී ලංකාව ඇත්තේ කොහේද යන්න ගූගල් සෙවීම හරහා පිරික්සා ඇති බව ඒ අනුව අනාවරණ වී තිබේ.

මෙලෙස වැඩිම පිරිසක් අප්‍රේල් මාසය තුළ ශ්‍රී ලංකාව සෙවීමට හේතුවී ඇත්තේ එම මාසයේ දී එල්ල වූ පාස්කු ඉරුදින ප්‍රහාරය බව ද එම සමීක්ෂණ වාර්තාව අනුව කරුණු තහවුරු වී ඇත.

‘‘Published of Google Trends’’ සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවෙන් පසුව ලොව වැඩිම පිරිසක් ගූගල් සෙවීම හරහා පිරික්සුම් සිදු කළ වචන වන්නේ වසරේ හොඳම පන්දු යවන්නා සහ අමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ පිහිටි රහස්‍ය ප්‍රදේශයක් වන ඒරියා 51 කලාපය බවට එහි සඳහන්වේ.

කෙසේ නමුත් ලෝකයේ බොහෝ පිරිස් ශ්‍රී ලංකාව දෙස අවධානය යොමුවීමත් ඒ හරහා මේ දිනවල මෙරට පවතින ආර්ථික හා දේශපාලනමය ස්ථාවරත්වය නිසා සංචාරක ක්ෂේත්‍රයේ පිබිදීමක් ඉදිරියේ දී ඇතිවන බවට විශ්ලේෂකයන්ගේ අදහස වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *