ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය අත්අඩංගුවට ගන්නැයි නියෝග

(කොළඹ, ලංකාපුවත්) –පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

ඒ ව්‍යාජ තොරතුරු ලබා දීම හා රටේ යම් නොසන්සුන් තත්වයක් ඇතිකිරීමට උත්සහ කිරීම යන කරුණු මතය.

පැහැරගත් බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය අද(16) උදෑසන මානසික වෛද්‍යවරුන්ගෙන් සමන්විත මණ්ඩලයකට ඉදිරිපත් කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *