අළුකැන්ගරුවන් සහ සුදු මොනරුන් දෙහිවලට ඇවිත්

(කොළඹ, ලංකාපුවත්) – දෙහිවල ජාතික සත්ත්ව උද්‍යානයට නෙදර්ලන්තයෙන් විරල ගණයේ සුදු මොණරුන් හතරදෙනකු සහ ඊශ්‍රායලයෙන් අළුකැන්ගරුවන් ජෝඩුවක් ද ලැබී ඇති අතර මේ සතුන් පාසල් නිවාඩු කාලයේදී ඔවුන්ට බලාගැනීමට 15වනදා සිට ප්‍රදර්ශනය කර ඇත.

දෙහිවල සත්ත්ව උද්‍යානයේ සංවර්ධන නිලධාරි ශ්‍යාමාල් සමරනායක මහතා සුදු මොණරුන් ගැන විස්තරයක් කරමින් මේ සත්ත්ව විශේෂය ලෝකයේ ඉතාම විරල පක්ෂි ගණයට අයත් කොට්ඨාසයක් බවත් ‍ෙමාවුන් සුදු වර්ණයෙන් යුක්තවීම බවද පැවසීය. මොවුන්ගේ ආයු කාලය වසර 10 – 20 ත් අතර සමහර රටවල වසර 50 දක්වා ජීවත් වී ඇති බවත් පැවසීය. මොවුන් ආහාරය සඳහා කොළ වර්ග සහ ධාන්‍ය වර්ග ලබාගන්නා බවද පවසයි. මොවුන් වැඩිපුර ඉන්දියාවේ සිටින බවද පැවසීය.

දෙහිවල සත්ව උද්‍යානයේ අධ්‍යාපන නිලධාරි නිහාල් සෙනරත් ද සිල්වා මහතා ලෝකයේ ඉතාම විරල අළුකැන්ගරු ගැන කරුණු මාධ්‍යයට දක්වමින් මේ සත්ව විශේෂය ලෝකයේ ඉතාම විරල සත්ව විශේෂයක් බවත් ඊශ්‍රායල රජයෙන් පරිත්‍යාගයක් වශයෙන් ලැබුණ බවද කීය.මොවුන් ශාක වර්ග ආහාරයට ගන්නා අතර මොවුන් පෙනුමෙන් කුඩා වූවත් ශක්තිමත් බවද කීය. මොවුන්ට පැන පැන යාම සඳහා ශක්තිමත් වලිගයක් තිබෙන අතර පැයට කිලෝමීටර් 60ක වේගයකින් ගමන් කළ හැකිය. මොවුන්ගේ ආයු කාලය අවුරුදු 20ක් පමණ වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *