ශ්‍රී ලංකන් ගුවන් සේවය කටාර් ගුවන් සේවය සමඟ නව සංකේත ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකන් ගුවන් සේවය කටාර් ගුවන් සේවය සමඟ නව සංකේත ගිවිසුමක් ඇති කර ගනිමින් , යුරෝපය ,උතුරු ඇමෙරිකාව , දකුණු ඇමෙරිකාව සහ මැදපෙරදිග නවතම ගමනාන්ත 18 ක් කරා ගුවන් ගමන් මෙහෙයුම් සිදු කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී න්කන් ගුවන් සේවය රටවල් 56 ක ගමනාන්ත 127ක් දක්වා සිය ගුවන් ගමන් මෙහෙයුම් සේවා ව්‍යාප්ත කර ඇත.

ඒ අනුව ෆින්ලන්තයේ හෙල්සින්කි , සර්බියාවේ බෙල්ග්‍රේඩ් , හංගේරියාවේ බුඩාපේස්ට් , සයිප්‍රසයේ ලාර්නාකා , පෝලන්තයේ වෝර්සෝ , මොරොක්කෝවේ කැසබ්ලැන්කා , පෘතුගාලයේ ලිස්බන් , ස්වීඩනයේ ගොතන්බර්ග් , බෙල්ජියමේ බ්‍රසල්ස් , ඉතාලියේ වැනීසිය , අසර්බයිජානයේ බාකු , යූක්‍රේනයේ කියෙව් , ජර්මනියේ මියුනිච් , චෙක් ජනරජයේ ප්‍රාග් , අයර්ලන්තයේ ඩබ්ලින් , ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් සහ මලගා , එක්සත් රාජධානියේ එඩින්බරෝ සහ බර්මින්හැම් , ග්‍රීසියේ ඇතැන්ස් සහ තෙසලෝනිකි , තුර්කියේ අන්කාරා , ඉස්තාන්බුල් ( සබීහා ) , ඇන්ටාලියා සහ ඉස්මීර් , බ්‍රසීලයේ සාඕ පවුලෝ , කැනඩාවේ මොන්ට්‍රියල් , එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. , චිකාගෝ , හූස්ටන් සහ බොස්ටන් යන රටවල ගුවන් තොටුපළ වෙත මෙම නවතම ගුවන් ගමන් මෙහෙයුම් සිදු කෙරේ.

කටාර් ගුවන් සේවය , විශිෂ්ඨතම ගුවන් සේවා කර්මාන්තය වෙනුවෙන් පිදෙන ” ස්කයි ට්‍රැක්ස් ” සම්මානය පස් වතාවක් දිනා ගෙන ඇති ලෝකයේ එකම ගුවන් සේවය බවට පත් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *