ට්‍රම්ප් දෝෂාභියෝගය පරදී

(කොළඹ, ලංකාපුවත්) –කොංග්‍රස් මණ්ඩලයේ පැවති දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්වී තිබේ.

දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 230 ක් ලැබී ඇති අතර, විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 197 ක් පමණි.

මෙම දෝෂාභියෝග චෝදනාව කොංග්‍රස් මණ්ඩලයේදී සම්මත වුවද, රිපබ්ලිකන් බලය සහිත සෙනෙට් සභාවේදී සම්මත වීම අවිනිශ්චිත අතර ජනපති ට්‍රම්ප් බලයෙන් පහ කිරීමට සෙනෙට් සභාව තුල දෝෂාභියෝගය තුනෙන් දෙකක බහුතරයකින් අනුමත කළ යුතු වේ.

මෙම දෝෂාභියෝගය ඉදිරිපත් කර ඇත්තේ 2020 එරට ජනාධිපතිවරණය සදහා තරඟ කරන සිය ප්‍රතිවාදී අපේක්ෂකයෙකු වන ජෝ බයිඩ්න් හා ඔහුගේ පුත්‍රයාට එරෙහිව යුක්රේනයේ ජනාධිපතිවරයාගේ සහය ඉල්ලා සිටීම හේතුවෙන් සහ සිය දේශපාලන ප්‍රතිරූපය නංවා ගැනීමට බලය අනිසි ලෙස යොදා ගත් පවසමිනි.

මේ අනුව අමෙරිකානු සෙනෙට් මණ්ඩලය ඉදිරියේ දෝෂාභියෝගයට ලක්වන තෙවැනි එක්සත් ජනපද ජනාධිපතිවරයා ට්‍රම්ප් වනු ඇති බව වාර්තා වේ.

දෝෂාභියෝගයට අදාළ සෙනෙට් නඩු විභාගය ලබන ජනවාරි මස දී පැවැත්වෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර මිචිගන්හි පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ තමා රැකියා අවස්ථා උත්පාදනය කරමින් හා රට වෙනුවෙන් සටන් කරමින් සිටින අවස්ථාවක රැඩිකල්වාදී කොංග්‍රසය ඊර්ශ්‍යාව සහ කෝපය වපුරමින් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × five =