ජනපති නාරාහේන්පිට ආර්ථිකයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ(18) සවස හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියලූ සහල් අලෙවිසැල් වෙත ගොස් මිල ගණන් අධ්‍යයනය කර ඇත.

මේ අතර ප්‍රකාශිත උපරිම සිල්ලර මිල බලාත්මක කිරීමට සහ වෙළෙඳපොළ මගඩිවලට පාරිභෝගිකයන් ගොදුරුවන උත්සව සමයේ දී අත්‍යාවශ්‍ය භාණ්ඩ නොකඩවා වෙළෙඳ පොළට සැපයීම සහතික කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *