දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගාස්තු අඩු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මෙම මස 23 වනදා සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මීගමුව දක්වාත්, ගාල්ල සිට මීගමුව දක්වාත් ධාවනය වන බස්රථවල බස් ගාස්තු අඩුවීමක් සිදුවනු ඇත.

එළැඹෙන උත්සව සමයේ වැඩි මගී පොදු ප්‍රවාහන සේවාවන් භාවිතයට ගන්නා අතර, එම මගීන්ගේ පහසුව සඳහා මෙලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන බස්රථ අතුරින්, ගමනාන්ත දෙකක බස් ගාස්තු සංශෝධනය කළ යුතු බව ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මීගමුව සිට මාතර දක්වා රු.720ක් වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගාස්තුව රු.700 දක්වාත්, මීගමුව සිට ගාල්ල දක්වා වූ අධිවේගී මාර්ගයේ බස් ගාස්තුව රු.630 සිට රු.600 දක්වාත් සංශෝධනය කර තිබේ.

විශේෂයෙන් උත්සව සමයේ දැඩි රථවාහන තදබදයක් මාර්ග පද්ධතිය තුළ ඇතිවන බැවින් මගීන් ප්‍රමාණයක් අධිවේගී මාර්ගය භාවිතා කිරීමට පියවර ගන්නා බැවින්මෙම ගාස්තු සංශෝධනය සිදුකරන ලද බවජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව දෙසැම්බර් මස 23 වැනිදා සිට එම ගමනාන්තවල බස් ගාස්තු සංශෝධනය වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *