නත්තලට කාදිනල් හිමියන්ගෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –නත්තල් දිනයේත් මත්පැන් අලෙවිසැල් වසාතැබීමට පියවර ගන්නා ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටි.

ඒ පිළිබද අදාළ දෙපාර්තමේන්තු සහ නිලධාරීන් කටයුතු කරනු ඇතැයි තම විශ්වාසය බව කොළඹ අගරදගුරු නිල නිවසේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ කියා සිටියේය

එසේම නත්තල් දින සෑම දේවස්ථානයකටම අමතර ආරක්ෂාවක් ලබාදෙන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළා.

උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ, පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබූවන් මෙනෙහි කරමින් මෙවර නත්තල චාම් අයුරින් සමරන ලෙස ඉල්ලීමක් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *