සහරාන් සමඟ සබඳතා පැවැත්වූ 64ක් බන්ධනාගාරයට

(කොළඹ, ලංකාපුවත්) –ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 64 දෙනකු ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

නඩුව ඊයේ (19) කැඳවූ අවස්ථාවේ මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණ විනිසුරු ඒ. සී. රිස්වාන් මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබේ. නුවරඑළිය ජාතික තව්හිද් ජමාද් මුලස්ථානයේ ආයුධ පුහුණුව ලබාගත් බවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර ඔවුහු කාත්තාන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද විමර්ශනවලදී මොවුන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *