ආයෝජන සඳහා අවසර ලබාදීමේ නව ක‍්‍රමවේදයක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ආයෝජන සඳහා පැමිණෙන ආයෝජකයන්ට ඒ සඳහා අවශ්‍ය අවසරය ලබාදීමේදී සිදුවන ප‍්‍රමාදයන් අවම කිරීම සඳහා නව වැඩපිලිවෙලක් සැලසුම් කර තිබේ.

ලබන ජනවාරී මාසයේ සිට එය කි‍්‍රයාත්මක කරන ලෙසයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ආයෝජන මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත. ඒ අනුව අන්තර්ජාලය හරහා ඉදිරිපත් කරන අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේම ඒ ඒ ආයතන හා සම්බන්ධ කරගෙන ඊට තාවකාලික අනුමැතිය ලබාදීමටයි නියමිතය.

ඉන්පසු නිශ්චිත කාලයක් තුළ ආයෝජන සඳහා නිසි අවසරය ලබාදීමට පියවර ගැනේ. දැනට පවතින ක‍්‍රමය අනුව යම් ආයෝජකයෙකු ආයෝජන සඳහා පැමිණීමේදී රාජ්‍ය ආයතන රැසක අනුමැතිය ලබාගැනීමට සිදුවේ. ආයෝජනයේ ස්වභාවය අනුව අනුමැතිය ලබාගත යුතු ආයතන සංඛ්‍යාව ද වෙනස් වන බවයි ආයෝජන මණ්ඩලය සඳහන් කළේය.

නව වැඩපිළිවෙල සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමට අදාළ කැබිනට් පති‍්‍රකාව සකස් කරන ලෙසත් ප‍්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට සහ ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂ ජෙනරාල්වරියට උපදෙස් ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − 1 =