විශේෂ බස් රථ සේවාවක්

(කොළඹ, ලංකාපුවත්) –ලංකා ගමනාගමන මණ්ඩලය එළඹෙන උත්සව සමයට සමගාමීව විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ.

මෙම සේවාව මේ මස 21 වන දා සිට ලබන වසරේ ජනවාරි 1 වන දා දක්වා ක්‍රියාත්මක වීමට නියමිත වේ.

ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරන ආකාරයට මගී අවශ්‍යතාවන් අනුව බස් රථ සේවාව ක්‍රියාත්මක වන අතර, මහනුවර, මීගමුව සහ ගාල්ල ඇතුළු තදාසන්න නගර වෙනුවෙන් වැඩි වශයෙන් බස් රථ යෙදවීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *