ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාවප්‍රාප්තවී ඇත.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්තවී තිබේ.

2016 වර්ෂයේදීශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වීම් ලැබූ ඒ මහතා රාජකීය විද්‍යාලයේ ආදීශිෂ්‍යයෙකි. කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති අධ්‍යාපනය ලැබූ ඒ මහතා2013 සහ 2014 වර්ෂය තුළ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

එමෙන්ම මහ බැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීම සදහාපත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − 3 =