(කොළඹ, ලංකාපුවත්) –ජාතික සුරක්ෂිත දිනය හේතුවෙන් එළැඹෙන 26වනදා දිනයේදී පෙ.ව. 9.25 සිට 9.27 දක්වා දිවයින පුරා, විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලෙස ආපදා කළමනාකරණය මධ්‍යස්ථාන පවසයි.
2004 වර්ෂයේ සිදුවූ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා 2005 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් ජාතික සුරක්ෂිත දිනය නම් කරනු ලැබීය.
එළැඹෙන 26වනදාට සුනාමි ව්‍යවසනයට වසර 15 සම්පූර්ණ වේ.
සුනාමි ව්‍යසනය මෙන්ම අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් පිං පැමිණවීම මෙම දිනයේදී සිදුකරනු ලැබේ.
මෙවර ජාතික සුරක්ෂිත දින ප්‍රධාන උත්සවය ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී 2019.12.26 දින පෙරවරු 9.00 ට පැවැත්වීමට සැළසුම් කර ඇත.