පාඨලීගේ රියදුරු රක්ෂිත බන්ධනාගාරයට

(කොළඹ, ලංකාපුවත්) – 2016 වසරේදී රාජගිරියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වන දිලුම් තුසිත කුමාර රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ලබන 06 වනදා දක්වාය. ඔහු නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය හමුවට අද (24) ඉදිරිපත්ව තිබුනි.

ලබන 26 වනදා සැකකරුගෙන් බන්ධනාගාරය තුළදීම ප‍්‍රකාශයක් ලබාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයට අවස්ථාව සලසා දෙන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *