උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) දිනයේ දී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී. පූජිත මහතා පවසයි.

පසුගිය අගෝස්තු මස 5වැනි දා උසස් පෙළ විභාගය ආරම්භ වූ අතර 31 දායින් අවසන් කෙරිණි.

ඒ සඳහා පෙනි සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව තුන්ලක්ෂ තිස්හත්දාස් හත්සිය හතරකි. ඉන් අපේක්ෂකයන් එක්ලක්ෂ අනු අටදහස් දෙසීය විසිනවදෙනකු නව විෂය නිර්දේශය යටතේ ද එක් ලක්ෂ තිස්නව දහස් හාරසිය හැත්තැපස්දෙනකු පැරණි විෂය නිර්දේශය යටතේ ද විභාගයට ඉදිරිපත්ව ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − five =