ජනතාව රවටන පිරිසට එරෙහිව දැඩි පියවර – ජනාධිපති කාර්යාලය කියයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සමීප සබඳතා පවතින බව අගවමින් ජනතාව මුලා කර අයුතු බලපෑම් කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපතිවරයාගේ උපදේශකවරයකු ලෙස පෙනී සිට මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයකුට බලපෑම් කළ පුද්ගලයකු පිළිබඳව මේ වන විට තොරුතුරු වාර්තා වී තිබෙන අතර ඔහු පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ අරඹා ඇත.

එවැනි වංචනික පුද්ගලයන් පිළිබඳ තොරතුරු ඇතොත් වහාම පොලීසියට දැනුම් දෙන ලෙස ද ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *