රුසියානු විදේශ ඇමති ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) –රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ජනවාරි 14-15 දිනවල ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පවසයි.

ඒ අනුව ජනවාරි 14-15 දිනවල රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට පැමිණෙනු ඇතැයි රුසියානු ටාස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

රුසියානු විදෙශ අමාත්‍යවරයා මෙම සංචාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සදහන් වේ. ඊට අමතරව රුසියානු විදේශ අමාත්‍යවරයා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද මුණගැසීමට නියමිතව ඇත.

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර වර්තමාන සබඳතා තත්ත්වය, දේශපාලන සංවාදය ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාවන්, වෙළඳ-ආර්ථික, මානුෂීය හා වෙනත් ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කිරීම මෙන්ම ද්විපාර්ශ්වික ගිවිසුම හා නෛතික පදනම පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඔවුන් සැලසුම් කරයි. අන්තර්ජාතික සංවිධාන තුළ, එනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි විශේෂිත ආයතන තුළ සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් මෙහිදී යොමු කරනු ඇතැයි සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *