වී මිලදී ගැනීමට විද්‍යාත්මක ක්‍රමවේදයක්

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි කන්නයේ සිට අස්වනු මිලදී ගැනීම විද්‍යානුකූල ක්‍රමවේදයකට සිදු කිරීමට සහ දිවයින පුරා ගබඩා පහසුකම් පුළුල් කිරීමට පෙරේදා (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කැබිනට් අනුකමිටුව ප්‍රථම වරට රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබේ.

ඉදිරි උත්සව සමයේදී හිඟයකින් තොරව සහ සහන මිලට ජනතාවට ආහාර ද්‍රව්‍ය ලබාදීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වී තිබේ. එමෙන්ම ඉදිරි කන්නයේ සිට අස්වනු මිලදී ගැනීම සඳහා විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කිරීම මඟින් වී මිලදී ගැනීමේ දී මතුව ඇති ගැටලු රැසක් නිරාකරණය කර ගැනීමට හැකියාවක් පවතින බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

එසේම දිවයින පුරා ගබඩා පහසුකම් පුළුල් කිරීම කෙරෙහිද අවධානය යොමු වී ඇති අතර සහල් මිල පාලනයට රජය ගත් තීරණය සමඟ එහි ප්‍රතිලාභ පාරිභෝගික ජනතාව වෙත ලැබෙන අයුරුද සාකච්ඡා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *