(කොළඹ, ලංකාපුවත්) – කෙසෙල් කෙඳි ඇඟළුම් නිෂ්පාදනය සඳහා යොදාගැනීමට රජය සැලසුම් කර ඇත.
එය හදුන්වාදීමේ වැඩසටහන අද (27) පැවැත්වෙන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.
කර්මාන්ත සහ සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පේෂ කර්ම දෙපාර්තමේන්තුව (SLITA) විසින් මෙය ක්‍රියාවට නංවනු ලැබේ.
සෞඛ්‍ය ආරක්ෂිත ඇඟළුම් කර්මාන්තයක් හදුන්වාදීම මෙහි ප‍්‍රධාන අරමුණ වේ. කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ සහ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් උත්සවය බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රයේදී අද පෙරවරුවේ පැවැත්වෙනු ඇත.