මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ

(කොළඹ, ලංකාපුවත්) – ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ මහතා, මහජන බැංකුවේ සභාපතිධූරය සඳහා පත් කර තිබේ.

සුජීව රාජපක්ෂ මහතා ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපතිවරයෙකු ද වේ.

ඔහු මීට පෙර ශ්‍රී ලංකා ගණකාධිකරණ හා විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුවේ සාමාජිකයෙකු ලෙසත්, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහ වැටුප් කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසත් සේවය කර තිබේ.

සුජීව රාජපක්ෂ මහතා මෙරට ලැයිස්තුගත හා ලැයිස්තුගත නොකළ සමාගම් රැසක අධ්‍යක්ෂවරයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *