ඉදිරි මාස තුනට අතුරු සම්මත ගිණුමක් නෑ

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි මාස තුන සඳහා නව අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් නොකිරීමට වත්මන් ආණ්ඩුව තීරණය කර තිබේ.

පසුගිය ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන අතුරු සම්මත ගිණුම ලබන මාර්තු 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බැවින් නව අතුරු සම්මත ගිණුමක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යතාවක් නැතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා දිනමිණට ඊයේ (29) පැවසීය

ජනතාවට සහන සැලසීමට ලබන 03 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරු අනපනත් කිහිපයක් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවද සේමසිංහ මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තුව ලබන මාර්තු මාසයේ විසුරුවාහැරීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රමුඛත්වයෙන් ගොඩනගන ආණ්ඩුවේ 2020 නව අයවැය ඉදිරිපත් කරන බවද රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

2020 අයවැය මුදල් ඇමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉදිරිපත් කිරිමට නියමිත බවද ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 − 1 =