ජනපති පුටින් නත්තල් දිනයේ දී අයිස් හොකී තරඟයක

(කොළඹ, ලංකාපුවත්) –රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් එරට ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු මහතා සමඟ ප්‍රදර්ශනාත්මක අයිස් හොකී තරඟයකට සහභාගී විය. නත්තල් දිනයේ පැවැති මෙම තරඟය නැරඹීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටියහ. රුසියාවේ පැවැත්වෙන රාත්‍රී අයිස් හොකී තරඟාවලියේ තවත් එක් තරගයක් ලෙස මෙය පැවැත්විණි.

රුසියාව තුළ අයිස් හොකී ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා මෙම දේශීය රාත්‍රී අයිස් හොකී තරගාවලිය හඳුන්වා දී ඇත්තේ ද 2011 වසරේදී ව්ලැද්මීර් පුටින් විසිනි.

රුසියානු දේශපාලනඥයින් හා රුසියානු හොකි ක්‍රීඩකයින් රැසක් මෙම තරඟයට සහභාගී වන අතර එය සාම්ප්‍රදායිකව සෑම වර්ෂයකදීම පවත්වනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *