නව වසරේ Huawei වෙතින් Wearables රැසක්

(කොළඹ, ලංකාපුවත්) – ලොව ප්‍රමුඛතම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සේවා සපයන්නෙකුවන Huawei විසින් වැඩි දියුණුකල තාක්ෂණයෙන් යුත් නවීනතම wearables රැසක් එළඹෙන වසරේදී දේශීය වෙළඳපොළට ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටී.

අලංකාර ස්මාර්ට් ඔරලෝසු සහ බෑන්ඩ්ස් නිෂ්පාදනයේ ප්‍රමුඛයින්වන Huawei මෙවර වෙළඳපොළට නිකුත් කරන නිෂ්පාදන අතර Huawei Watch GT2, FreeBuds 3, Huawei Band 4 සහ Huawei Band 4e ප්‍රමුඛතාවයක් ගනී.

මෙම හඳුන්වාදීම් පිළිබඳ අදහස් දක්වමින් Huawei සමාගමේ මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා මෙසේ පැවසීය. ” 2020 වසර Huawei සමාගමට ඉතාමත් සුවිශේෂී වසරක් වනවා. අප විසින් 2020 වසර ආරම්හ කරනුයේ උසස්ම තාක්ෂණයෙන්යුත් Wearables රැසක් ශ්‍රීලාංකීය වෙළඳපොළට ඉදිරිපත් කරමින්. මෙම සියලුමනිෂ්පාදන ආකර්ෂණීය නිමාවකින් මෙන්ම අසමසම ක්‍රියාකාරිත්වයකින් යුක්තවන අතර වෙළඳපළ තුළඇති අනෙකුත් කිසිදු තරඟකාරී නිෂ්පාදනයක දැකිය නොහැකි විශේෂාංග රැසකින් සමන්විත වෙනවා. ශ්‍රීලාංකීයපාරිභෝගිකයින්ටඋසස්මතාක්ෂණයඅත්විදීමේහැකියාවතවදුරටත්ළඟාකරමින්මෙවැනිමආකාරයේතවත්නිෂ්පාදනරැසක්2020වර්ෂයේදීශ්‍රීලාංකීයවෙළඳපොළටඉදිරිපත්කිරීමටඅපබලාපොරෝත්තුවෙන්පසුවනවා.

Huawei Watch GT2 එහි ඇති සුවිශේෂී විශේෂාංග රැසක් නිසා දැඩිපාරිභෝගික ආකර්ෂණයකට ලක්ව තිබෙනවා. ඒ අතර ඇමතුම් සහ notification පරිශීලකයාට අවශ්‍ය පරිදි පාලනය කිරීම සඳහා settings තුලවූ options, වැඩි දියුණු කරන ලද නිරවද්‍යතාවයකින් යුත් heart-rate monitor sensitivity විශේෂවේ.

මිලිමීටර් 46 ක ප්‍රමාණයේ ඔරලෝසුව අඟල්1.39ක AMOLED තිරයකින් සහ පික්සල්454 x 454ක resolution සහ nits 1000ක දීප්තියකින්ද යුක්තවේ. Watch GT2, Kirin A1 පරිපථයක් මඟින් බලගන්වා ඇති අතර වැඩිවෙලාවක් භාවිත කල හැකි ආකාරයේ intelligent power-saving තාක්ෂණයෙන්ද යුක්තය. 2GB RAM සහ 4GB මතකධාරිතාවයක් හිමි Watch GT2හි ගීත 500කට වැඩිප්‍රමාණයක් රඳවා තබාගැනීමේ හැකියාව තිබෙනවා.

ලොව ප්‍රථම open-fit active noise-cancellation සහිත බ්ලූටූත් ඉයර් ෆෝන්වන Huawei Freebuds 3 වෙළඳපොළ තුල දැඩිඉල්ලුමකට ලක්වනු ඇත. පහසු වෘත්තාකාර හැඩය සහ 4.5g තරමක්වූ සැහැල්ලු බර නිසා කනට ඉතා පහසු ලෙස සවිකල හැකි Freebuds 3හි වම් earbud,tap කිරීම හරහා intelligent active noise-cancellation පහසුකම ක්‍රියාත්මක කල හැක.

ඇමතුම් ලබාගැනීම පහසුකරන Bone Voice ID පහසුකම නිසා බාහිර ශබ්ද හමුවේ පරිශීලකයාගේ ශබ්දය ඉතාපැහැදිළිව ඇසීමට අවශ්‍ය පහසුකම Freebuds 3 සලසයි.

නවතම Huawei Band 4 සහ Huawei Band 4e, පික්සල් 48×88 resolution සහිත PMOLED color තිරයකින් යුක්තය. මීටර් 50ක් දක්වා ජල ප්‍රතිරෝධයක් සහිතව නිපදවා ඇති bands 4 සහ 4e ද්විත්වය ක්‍රීඩා කිරීමේ නිරතවන්නන්ට සුවිශේෂී වනවා. මෙම bands, step counting, sleep monitoring, sedentary reminders සහ message alerts වැනි පහසුමක් රැසකින් යුක්තවන නිසා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම නිෂ්පාදනය කර තිබෙන බව පිළිඹිබුවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *