අධික ශීත කාලගුණය නිසා නවදිල්ලියට රතු නිවේදන

(කොළඹ, ලංකාපුවත්) –අධික ශීත කාලගුණය හමුවේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට රතු නිවේදන නිකුත් කර තිබේ. එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම තත්ත්වය ලබන ජනවාරි මස 3 වන දා තෙක් බලපැවැත්වෙනු ඇති බවයි.

පෙරේදා (29) වාර්තා වූ සෙල්සියස් අංශක 1.9 ක් වන උශ්ණත්වය වසර හයකට පසු නවදිල්ලියෙන් වාර්තා වූ අවම උෂ්ණත්වය බව සඳහන් වේ.

අධික ශීතලත් සමග පවතින ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ ගුවන් ගමන්වාර 500 ක් ප්‍රමාද කෙරුණ අතර දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ල වී තිබේ.

අධික ශීතලත් සමග නිකුත් කෙරුණු අනතුරු ඇඟවීම පන්ජාබ්, හර්යානා සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවලට ද බලපැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *