භූත විද්‍යාව බනාරස් සරසවි පාඨමාලා අතරට

(කොළඹ, ලංකාපුවත්) – උතුරු ඉන්දියාවේ වාරාණසී හි ‘බනාරස්’ හින්දු විශ්ව විද්‍යාලය භූත විද්‍යාව (Ghost Studies) පිළිබඳ පාඨමාලාවක් ආරම්භ කර ඇත.

වෛද්‍යවරුන් සඳහා ආරම්භ කරනු ලැබ ඇති එම පාඨමාලාවේ අරමුණ භූතයන් පෙනෙන බව සහ භූතයන් වැසී ඇතැයි කියන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දීමය. මෙම පාඨමාලා කාලය මාස හයක් බව සඳහන් ය.

එම භූත විද්‍යා පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ බනාරස් සරසවියේ ආයුර්වේද පීඨය මගිනි. එම ආයුර්වේද පීඨය පෞරාණික හින්දු වෙදකම සහ සායනය පිළිබඳ පාඨමාලා පවත්වා ගෙන යයි. භූත විද්‍යාව සම්බන්ධයෙන් තම විද්‍යායතනයේ වෙනම අධ්‍යයන අංශයක් පිහිටුවා ඇතැයි ‘බනාරස්’ සරසවියේ නිලධාරියකු විදෙස් මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *