රාජිත අද අධිකරණයට

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ගොනුකළ අපේක්ෂිත ඇප අයදුම්පත් දෙක කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ අද(30) කැඳවීමට නියමිතව තිබේ.

ආන්ද්‍යෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් රාජිත සේනාරත්න මහතා අපේක්ෂිත ඇප අයදුම්පත් ඉදිරිපත් කළේය.

ඔහු ඉදිරිපත් කළ පළමු අපේක්ෂිත ඇප අයදුම්පත‍්‍රය අධිකරණය ප‍්‍රතික්ෂේප කළේ ඇප අපේක්ෂා කරන්නේ කුමන කාරණයක් සම්බන්ධයෙන් ද යන්න නිශ්චිතව සඳහන් නොකිරීම හේතුවෙනි. කෙසේවෙතත් පසුව ඉදිරිපත් කළ ඇප අයදුම්පත් දෙක අද සලකා බැලීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නියම කළේය.

මේ අතර රාජිත සේනාරත්න මහතාට විදෙස් ගමන් තහනමක් ද නිකුත් කළ අධිකරණය ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස පසුගියදා වරෙන්තුවක් ද නිකුත් කර තිබුනි.

අවස්ථා කිහිපයකදී මන්තී‍්‍රවරයා අත්අඩංගුවට ගැනීම සඳහා නිවසට ගිය ද දින කිහිපයක් ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. ඒ අතරතුර රාජිත සේනාරත්න මහතා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට ඇතුලත්වී තිබේ. ඒ අනුව එම රෝහලට ගිය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ශලනි පෙරේරා මහත්මිය පසුගිය සිකුරාදා රාජිත සේනාරත්න මහතාව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *