ශ්‍රී මහා බෝධියේත් රුවන්වැලි සෑයේත් ආරක්ෂාවට අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර

(කොළඹ, ලංකාපුවත්) – අනුරාධපුර පුරාවිද්‍යා හන්දිය දෙසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසට පිවිසෙන මාර්ගයේ හා රුවන්වැලි මහා සෑයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ග දොරටුව අභියස අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර දෙකක් සවිකිරීමට සැලසුම් කර ඇත.

එසේම ශ්‍රී මහා බෝධීන්වහන්සේ අභියසට සිංහ කනුව දෙසින් පිවිසෙන මාර්ගයේ තවත් අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍රයක් සවිකිරීමට දයෝජිතය.

ශ්‍රී ලංකා පොලීසියට චීන ආධාර යටතේ මෙම අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර ප්‍රධානය කෙරුන අතර මෙහි ඉදි කිරීමේ කටයුතු අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමිගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

මෙහිදි උතුම් වූ පුදබිම් වන්දනා මාන කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සළසමින් රැගෙන එන ගමන් මළු පරීක්ෂාවට ලක්කිරීමට නව පහසුකම් සැළසේ. මේ අනුව මෙම ස්කෑන් යන්ත්‍ර සවි කිරීමේ මූලික කටයුතු මේවන විට සිදු කෙරෙමින් පවතින බවත්, තව සති කිහිපයකට පමණ පසුව එහි කටයුතු අවසන් කිරීමට හැකිවන බවත් අනුරාධපුර, උඩමළුව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *