නව වසරේ පළමු පාසල් වාරය ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2020 පළමු පාසල් වාරය අද (02) ආරම්භ වේ

සාමාන්‍ය පෙළ ඇගයීම් සිදුකරන පාසල් වලින් 37ක් පමණක් අධ්‍යයන කටයුතු සදහා විවෘත වන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය. තවත් පාසල් 47 ක නව අධ්‍යයන වාරය ආරම්භ වන්නේ ලබන සඳුදා ය. සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත‍්‍ර ඇගයීම් ලබන සෙනසුරාදා අවසන් කිරිමට සැලසුම් කර තිබේ.

මේ අතර 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප‍්‍රතිඑල මෙම සති අන්තයේදි නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + 10 =