සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සහන ඉදිරි සතියේ සිට

(කොළඹ, ලංකාපුවත්) – සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන ලබාදීමේ වැඩසටහන ඉදිරි සතිය තුළ කි‍්‍රයාත්මක කරන බව මුදල් , ආර්ථික හා ප‍්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශ ලෙකම් එස් ආර් ආටිගල මහතා පැවසීය.

ඇතැම් ව්‍යාපාරිකයන්ට ගැටලු රැසක් මතුව තිබේ. දේපළ සින්නවිමේ අවදානමත් ඊට අයත්ය. ඔවුන් පිළිබදව රජයේ විශේෂ අවධානය යොමුවිය. ඒ අනුව බැංකු මට්ටමින් එම සහන ලබාදිමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගෙන ඇති බව ලේකම්වරයා සදහන් කළේය.

තරුණ නායකත්වයට අවස්ථාව ලබාදිමත් අරමුණක් විය. ජනතාවට සහන සැලසිම වෙනුවෙන් කි‍්‍රයාමාර්ග ගතයුතු බවත් එස් ආර් ආටිගල මහතා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + 1 =