ඇමතිවරුන්ට, රාජ්‍ය ආයතනවලට වසර 3ක් සැපවාහන තහනම් – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –වසර තුනක් අවසන් වන තුරු කිසිදු හේතුවක් මත ඇමැතිවරුන් සහ රාජ්‍ය ආයතනවලට අලුතෙන් වාහන මිල දී නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දී තිබේ.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතනවල දැනට තිබෙන වාහන සංචිත සම්බන්ධයෙන් පූර්ණ සොයාබැලීමක් කර එම වාහන ප්‍රතිඵලදායක ලෙස කළමනාකරණය කර ගැනීමේ ක්‍රමවේදයක් අරඹන ලෙසත් ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

වාහනයක් මිල දී ගැනීම අත්‍යවශ්‍ය අවස්ථාවක පූර්ණ සොයාබැලීමක් කළ යුතු බවටත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා මෙම තීරණයට එළැඹ ඇත්තේ කිසිදු වගවිභාගයකින් තොරව වාහන මිල දී ගැනීම නිසා සිදු වන මුදල් නාස්තිය වළකා ගැනීමේ අරමුණෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 − 8 =