නැගෙනහිර පළාතේ ඩෙංගු මැඩිමට කඩාපනින හමුදාවක්

(කොළඹ, ලංකාපුවත්) –ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරිම සදහා දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන, රජයේ නිළ නිවාස සහ අතහැර දමා ඇති ගොඩනැගිලි පරික්ෂා කිරිමට අද(03) සිට කඩා පනින හමුදාවක් පිටත් කර යවන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අදාළ බලදාරීන්ට ඊයේ (02) නියෝග කළේය.

මෙම කණ්ඩායමට ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සමෘද්ධි සංවර්ධන නිළධාරි සහ අදාළ ප්‍රෙද්ශය භාර ග්‍රාම නිළධාරි වරයාද ඇතුලත් වේ.

අද පෙරවරුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම අවම කිරිම සදහා වන තීන්දු තීරණ ගැනීම සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති පළාත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදි ආණ්ඩුකාරවරිය මෙම නියෝගය සිදු කළාය.

මෙම හමුවට පෙර ආණ්ඩුකාරවරිය ආණ්ඩුකාර ලෙකම් කාර්යාල පරිශ්‍රෙය් ඩෙංගු කීටයන් බෝ වන ස්ථාන ඇත්දැයි නීරික්ෂණය කළාය.

ත්‍රිකුණාමලයේ නාවික හමුදා කදවුරු පරිශ්‍ර කුළ ඩෙංගු කීටයන් බෝ වන ස්ථාන රැසක් ඇති බවට හදුනාගෙන ඇතැයි මෙම හමුවේදි හෙලි විය.

එහිදි අනුරාධා යහම්පත් මහත්මිය නාවික හමුදාව නියෝජනය කරමින් පැමිණ සිටි නිළධාරිවරයාට කියා සිටියේ මෙම තත්වය අවම කිරිම සදහා හැකි විගස කටයුතු නොකළහොත් නාවික හමුදාපතිවරයා දැනුවත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවය.

මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මේ වන විට ඩෙංගු රෝගින් 2048 හදුනාගෙන ඇති බවද මෙම සකච්ඡාවේදි හෙළි විය.ඉන් වැඩිම අවධානමක් ඇත්තේ ත්‍රිකුණාමලය, උප්පවේලි, කින්නියා සහ මූතුර් යන ප්‍රෙද්ශ වලය.

ඊට අමතරව පාසල් වල ඩෙංගු මදුරුවන් බෝ විම වැළැක්වීම සදහා සෑම ඉරු දිනකම දෙමාපිය ශ්‍රමදාන පැවැත්විමට කටයුතු කරන ලෙසද ආණ්ඩුකාරවරිය පළාත් අධ්‍යාපන ලේකම්වරයාට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *