හපුතලේදී ගුවන් යානයක් අනතුරට

(කොළඹ, ලංකාපුවත්) – හපුතලේ, තම්බපිල්ලේ ප්‍රදේශයට හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබේ.

අනතුර සිදුව ඇත්තේ, හපුතලේ – තම්බපිල්ලෙයි ප්‍රදේශයේදී ය. වීරවිල සිට පියාසර කළ ගුවන් හමුදාවට අයත් Y12 යානාවක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහවුරු කර තිබේ.

අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර යානයේ නියමුවන් දෙදෙනා සහ ආවේක්‍ෂණ නිලධාරීන් දෙදෙනා මෙලෙස මරණයට පත්ව ඇතැයි වාර්තා වේ. සිකුරාදා දිනයේ ප්‍රදේශ නිරීක්ෂණය සිදු කරන අතර ඒ සඳහා මෙම යානය පිටත්ව ගොස් තිබේ.

කැලෑ කැපීම්,සැක කටයුතු ක්‍රියාකාරකම් ඇතුළු නිරීක්ෂණයන් වාර්තා කිරීම මෙම යානයේ වගකීමයි.

යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *